බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන්  බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 171 ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් නයිම් පන්දු 52ක් තුල ලකුණු 62ක් රැස් කළා.

ශ්‍රී ලංකාවට අභියෝග ගත ඉලක්කයක් ලබා දීමට බංගලාදේශ පිත්ත හැසිරවූ මුෂ්ෆිකර් රහීම් පන්දු 37ක් තුල අගනා ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු ,ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ බංග්ලාදේශ ආරම්භ  පිතිකරු  ලිටන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

ලකුණු 172ක් ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වුයේ නැහැ.

දඟ පන්දු යවන්නනන්ගෙන් ශ්‍රී ලංකා පිති කරුවන් මෙල්ල කිරීමට හැදූ බංගලාදේශ කණ්ඩායමට එය කිරීමට නොහැකි දෙයක් බව පසක් කරමින් ඊට පිත්තෙන් පිළිතුරු ලබා දුන් චරිත අසලංක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පිල ජග්‍රාහී මාවතට ගෙන ගියා.

ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු හතක්ව ලබාගත යුතුව තිබියදී පන්දු 31ක් තුල ලකුණු 51ක් ලබා සිටි භානුක රාජපක්ෂ දැවී ගියා.

කෙසේ  වෙතත් පන්දු 49ක් තුල පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් නොදැවී ලකුණු 80ක් රැස් කළ චරිත් අසලංක ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ වීරයා චරිත් අසලංක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48