බංගලියන් පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන්  බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 171 ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් නයිම් පන්දු 52ක් තුල ලකුණු 62ක් රැස් කළා.

ශ්‍රී ලංකාවට අභියෝග ගත ඉලක්කයක් ලබා දීමට බංගලාදේශ පිත්ත හැසිරවූ මුෂ්ෆිකර් රහීම් පන්දු 37ක් තුල අගනා ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු ,ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ බංග්ලාදේශ ආරම්භ  පිතිකරු  ලිටන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

ලකුණු 172ක් ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක වුයේ නැහැ.

දඟ පන්දු යවන්නනන්ගෙන් ශ්‍රී ලංකා පිති කරුවන් මෙල්ල කිරීමට හැදූ බංගලාදේශ කණ්ඩායමට එය කිරීමට නොහැකි දෙයක් බව පසක් කරමින් ඊට පිත්තෙන් පිළිතුරු ලබා දුන් චරිත අසලංක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පිල ජග්‍රාහී මාවතට ගෙන ගියා.

ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු හතක්ව ලබාගත යුතුව තිබියදී පන්දු 31ක් තුල ලකුණු 51ක් ලබා සිටි භානුක රාජපක්ෂ දැවී ගියා.

කෙසේ  වෙතත් පන්දු 49ක් තුල පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් නොදැවී ලකුණු 80ක් රැස් කළ චරිත් අසලංක ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ වීරයා චරිත් අසලංක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?