බංකොලොත් භාවයෙන් රට මුදා ගන්න එක්වන්නැයි ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමින්.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා;

ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කිසිවෙක් කැමති නැහැ. පුද්ගලයන් වශයෙන් ඔබ එයට අකමැති නම් ඔබට සාමුහිකව මෙම ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මම දන්නවා. ඒ නිසා මෙම බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කර ගැනීමට අප සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී අප “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ඉදිරිපත් කළා. දැන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍යයි. එම සම්පත්වලින් අඩක් රාජ්‍ය අංශයෙන් ද අනෙක් කොටස පෞද්ගලික ආයෝජනවලින් ද සපුරා ගැනීම අපේ අපේක්ෂාවයි. එසේ නම් අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප මෙයින් ඉවත් වුවහොත් ලෝක බැංකුවෙන් අපට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක් අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය ද අසාර්ථක වේවි.

ඒ වගේම ප්‍රංශයේ පැරිස් නුවර පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රටවල් ණය බරින් පීඩා විඳින විට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා.

මෙම සමුළුට අපට ආරාධනා කරනු ලැබුවේ මෙම ක්ෂේත්‍රය තුළ අප මෙතෙක් අත්කරගෙන තිබෙන සාර්ථකත්වය සහ ඒ සඳහා ලබාදී ඇති දායක්තවය නිසයි. එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ ක්ෂේත්‍රයේ වඩා ක්‍රියාකරී භූමිකාවක් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. එසේම මේ වන විට අප බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ අප සියලුදෙනා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් අප වර්ධන න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යා යුතුයි. රටේ ආර්ථිකය පුළුල් කරන විට සාධාරණත්වය ද තිබිය යුතුයි. කිහිප දෙනෙකුට ධනවත් වීමට නොහැකි අතර අනෙක් අයට අඩු ආදායම්ලාභී හෝ මධ්‍ය අදායාම්ලාභීන් ලෙස සිටිය නොහැකියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ පසු, අපගේ සමාජ වගකීම කුමක්ද කියා සාකච්ඡා කරන ලෙස මම වාණිජ මණ්ඩල, වෘත්තිකයින්, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලුදෙනා මෙයට දායකකරගත යුතුයි. සියලුදෙනාට මෙහි ප්‍රතිලාභ ලැබිය යුතුයි.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන පිළිබඳ ඔබගේ සාමාජිකයන් දැනුවත් කරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් බිය වීමට කිසිදු දෙයක් නැති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කොටසක් බවත් ජනතාවට අවබෝධ කර දිය යුතුයි. රටේ මෙම තීරණාත්මක අවධිය පසුකර අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව, වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා යොමුවීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා.

තවද අග්නිදිග සහ නැගෙනහිර ආසියානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුළත් කරන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය වන RCEP හා සම්බන්ධවීමට ඉදිරි මාසයේ දී අප අයදුම්පතක් යොමු කරනවා. ඒ වගේම නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. පසුව යුරෝපා සංගමය සමඟ අපේ වෙළෙඳ ගිවිසුම් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. අපි තරගකාරි ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මේ එහි ආරම්භය බව කිවයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24