පෞද්ගලික පාසලක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් – අධ්‍යක්ෂවරයා ඇතුළු තුනක් අත්අඩංගුවට

පාසලක් තුළ රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමට ඉන්දියාවේ තෙලන්ගානා පොලිසියට හැකිව තිබෙනවා.

එහිදී පාසලේ අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

හයිද්‍රාබාද් හි පෞද්ගලික පාසලක පවතවාගෙන ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වැටලීමේ දී ඇල්ප්‍රසෝලම් කිලෝග්‍රෑම් 07 කට වැඩි ප්‍රමාණයක්, රුපියල් ලක්ෂ 21ක මුදල්, අමු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ නිෂ්පාදන උපකරණ සොයාගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදනාගාරය මාස හයක පමණ සිට කරගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම මහා පරිමාණ නිෂ්පාදනාගාරය තුළ සතියකට දින හයක් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති අතර, ඉරිදා දිනවල බෙදාහැරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

ගොඩනැගිල්ලේ පළමු මහලේ පාසල් පන්ති පවත්වන අතරතුර එහි දෙවන මහලේ ඉතා හරසිගත ලෙස මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?