AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික අංශ සේවකයන්ට උණුසුම් පුවතක්

පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සේවකයන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස මින් පෙර පැවැතියේ වයස අවුරුදු 55 ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?