spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර (වීඩියෝ)

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීන් මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

https://www.youtube.com/watch?v=-yB50dIFzEY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?