පොහොට්ටුවේ සභාපතිකම ඉල්ලා ජී. එල්ගෙන් පෙත්සමක්

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට බාධා පැමිණවීම වැළැක්වීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ එහි ජාතික සංවිධායකවරයායි නම් කර ඇත්තේ.

පෙත්සම්කාර මහාචාර්යවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී එහි සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කළ බවට ප්‍රකාශ වී ඇති බවයි.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කාර ජී.එල්. පීරිස් කියා සිටියේ.

ඒ අනුව තමන් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා එම ධුරයේ කටයුතු කිරීමට සිදු කරන බාධාකිරීම් වැළැක්වීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48