හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිද වන නීතිඥ චමරි පෙරේරාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය සදහා සාමාජිකාවක් ලෙස පත්කර තිබෙනවා.
එමෙන්ම එම පක්ෂයේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය පත්කර ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම එම පක්ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක. සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන පිරිස පත්කර ඇති අතර පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති වුවහොත් ඒවා විසඳීම මෙම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය වනවා.













