පොලීසියට ගල් මුල් එල්ල කළ කාන්තාවන් 6ක් අත්අඩංගුවට

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හයදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හයදෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහිදි තුවාල ලැබු පොලිස් නිලධාරියක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි