පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙ නැහැ. රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර.

පොලිස් නිලධාරීන්ට දේශපාලඥයින්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැහැ. එසේම පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා.  අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා.  සමහර වෙලාවට හොඳ නිලධාරියෙක් හිටියොත් ඔවුන් ගැන හොඳට හොයලා බලලා තමයි ස්ථානාධිපතිවරු විදියට පත් කරන්නේ,  ඒකත් කරන්නේ වෙනම කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමාගේ සහ ලේකම්තුමාගේ නිර්දේශය මත බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසූයේ අලුතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු හා ජනතා සදහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති වැඩ සටහනේ දීය.

මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් තමන්ගේ පොලිස් ස්ථානයේ වැඩ කරන නිලධාරීන්ගේ හා තමාට අයත් වසමේ ජනතාවගේ සුභ සාධනය හා සුභ සිද්ධිය උදෙසා සේවය කල යුතු බවය.  තමාගේ රාජකාරිය තුලදී යහපත් චේතනාවෙන් යම්කිසි කාර්යයක් ඉටු කිරීමේදී වැරදීමක් සිදු වුවහොත්, තමන් පොලිස්පතිතුමා, ලේකම්තුමා එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කලේය.

අද පොලිස් දෙපාර්තුමේන්තුවට රාජ්‍ය සේවා කොමිසම  සලකන්නේ අනෙකුත් දෙපාර්තුමේන්තු වලට සලකන ආකාරයෙන් බවත්, පොලිස් දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තුමේන්තු වලට වඩා වෙනස් වෙන්නේ මේ වනවිට පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 3500ක් කොටින් සමග සටන් කිරීමේදී ජීවිත පරදුවට තබා ඇති අතර, කොවිඩ් 19 රාජකාරී කටයුතු වලදී 15,000ක් පමණ ආසාදිත වී 55ක් පමණ මිය ගිහින් ඇති අතර,  රථවාහන රාජකාරි වලදී පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 230ක් මහ මග මියගොස් ඇති අතර පාතාලයින් මංකොල්ලකරැවන් නිසා තම ජීවිත පවා අනතුරේ දමා සේවය කරන නිළධාරීන් පිරිසක්, මෙම දෙපාර්තමෙන්තුවේ සේවය කරන නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26