spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියේ බව පවසා නිවසක් කොල්ලකයි

පොලිසියේ බව පෙනී සිටිමින් නිවැසියන් බියවද්දා නිවසේ තිබූ රන් භාණ්ඩ හා අනෙකුත් දේපල කොල්ලකා තිබෙනවා .

ඊයේ (06) අලුයම් කාලයේදී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසකදී මෙම කොල්ලකෑම සිදුව තිබේ.

මෙම නිවසේ හිමිකරු සිය මිතුරන් තිදෙනෙකු සමඟ තාවකාලික නිවසේ නිදා සිටියදි (06) වන දින අළුයම් කාලයේ පොලිස් නිලධාරින් බව පවසමින් නිවසට ඇතුළු වු තිදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් නිවැසියන් දණගස්වා ඔවුන් සතුව තිබූ රන් අත් පලඳනාවක් , රන්මුදු 02 ක් , රන් මාලයක් , පෙන්ඩන්ට් 02 ක් , මුදල් රුපියල් 355500 / = ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු දේපල හා මුදල් කොල්ලකා පලාගොස් ඇත .

කොල්ලකන ලද දේපල හා මුදල් වල වටිනාකම රුපියල් ලක්ෂ 18 කට අධික බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?