පොලිසියේ නිල යූ ටියුබ් චැනලය හැකර්වරුන්ගේ ග්‍රහණයට

ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාව මේ වනවිට හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

එම නාලිකාවට ප්‍රවේශය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළා.