ශ්‍රී ලංකා පොලිසිය කෙතරම් පිරිහී ඇත්ද යන්න සිදුවීම් තුනකින් පැහැදිලිවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබුණා.
ස්ථාන තුනක ඊයේ (12) දිනයේ දී පැවති විරෝධතාවන් පොලිසිය විසින් මැඬලීමට කටයුතු කළ ආකාරය ඉතා නින්දාසහගත බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කළුතර සිට කොළඹට විරෝධතා දක්වමින් පා ගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධියට පත්වීම ප්‍රධාන සිදුවීම් දෙකක් ලෙස ඔහු දක්වා තිබෙනවා.
පොලිස් ම්ලේච්ඡත්වය දිගටම පවතින්නේ ඔවුන් සමඟ කටයුතු කිරීමට බලය සහ බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය නිසා බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් එම පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.















Oyawage kalakanni police ewun thamai police wala inne okata mahapare ulathiyala maranna one paga maruwek oka