spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට කැඳවාගෙන ගිහින් බොරැල්ලේ යාචකයින්ට හොඳට සළකලා (ඡායාරූප)

බොරැල්ල පොලිස් වසම තුළ සිටින යාචකයින් පොලීසිය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ගේ රැවුල, කොණ්ඩය කපා නහවා පිරිසිදු කිරීමේ පිංකමක් පසුගිය දා සිදුකර තිබෙනවා.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශනගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර ගණනාවකින් රැවුල සහ කොණ්ඩය නොකපා තිබීම හේතුවෙන් පොලිසිය වෙත කැඳවා තිබූ කරණවෑමියන් කිහිපදෙනකු ද සහභාගී කරගෙන ප්‍රථමයෙන් යාචකයින්ගේ දිගට වැවී තිබූ රැවුල සහ කොණ්ඩය කපා අනතුරුව නාවා පිරිසිදු කිරීමට බොරැල්ල පොලිසියේ කාර්ය මණ්ඩලය මෙලෙස කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔවුන් ඇඳ සිටි ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම් පැළඳුම් ද පොලිසිය විසින් එම යාචකයින්ට ලබාදීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

පසුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එම යාචකයින් සියලුම දෙනාට දහවල් ආහාරය ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?