මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බඩෝවිට නලින්ගේ සහ පානදුර කමල්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකුවන පානදුර චූටාන් සහ හිච්චා මහරගම නාවින්න සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනා හෙරොයින් ග්‍රෑම් 203, මිලි ග්‍රෑම් 170 ක් ජංගම දුරකථන 04 ක්, ඩිජිටල් තරාදියක්, ඇසුරුම් උපකරණ කට්ටලයක් සහ සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් නමැත්තාගේ සහ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බඩෝවිට නලින් යන අයවලුන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයන් බවට කරුණු අනාවරණය වි ඇත
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මහරගම පොලිසිය වෙත භාරදී තිබෙනවා













