AFC Banner
Empty Ad
Empty Ad

‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට නොපැවැත්වේ (නිවේදනය)

‘පොලිස්පති මහජන සහන දිනය’ හෙට (26) දිනයේ දී නොපැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ; නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව සෑම සිකුරාදා දිනයක ම පැවැත්වෙන මෙම පොලිස්පති මහජන සහන දිනය හෙට දිනයේ දී නොපැවැත්වෙනු ඇති.

මේ අතර ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව 09ක් විසින් දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ගැන දුන් තීරණයත් සමගයි.

එම පෙත්සම් ඊයේ දින විභාගයට ගැනුණු අතර; එහිදී අධිකරණය තීන්දු කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරි බලතල අක්‍රීය කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

පෙත්සම්කරුවන් කියා සිටියේ ද දේශබන්දු තෙන්නකෝන් යනු පාස්කු ප්‍රහාරය සහ අරගලය අවධියේ දී චෝදනා ලැබ සිටින අයෙක් බවත්; එවන් අයෙකුව පොලිස්පති තනතුරට පත් කිරීම නීත්‍යනුකූල නොවන බවයි.

මෙවන් පසුබිමකදියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ.

මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා විසින් ද හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් ද කැඳවා පොලිස්පති ධුරයට වැඩ බලන පුද්ගලයෙකු හෝ පත් කිරීම පිළිබඳ ව සාකච්ඡා තබා තිබෙනවා.

එම තීන්දුව දින දෙකකින් ලබාදීමටයි තීරණය කෙරුණේ.

මේ අතර පොලිස්පතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?