පොලිස්පතිට එක් දිනකට හෝ සේවා දිගුවක් එපා – ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක්

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් ලබා නොදෙන ලෙසට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තදින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ පැවත්වුණු ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මේ බව ජනාධිපතිවරයාට පවසා ඇති බවයි වාර්තා වුණේ.

2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්ත්වය මර්ධනය කිරීමට කිසිදු පියවරක් පොලිස්පති චන්දන වික්‍රමරත්න නොගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කර තිබෙනවා.

එමෙන්ම වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක සහ රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන් ද පොලිස්පතිවරයා 2022 මැයි 09 වනදා ඇති වූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවත් පොලිස්පතිවරයා ලෙස රාජකාරී පැහැර ඇති බවටත් නිර්දේශ ලබාදී ඇති බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.

මෙවන් නිර්දේශ ලබා දී තිබිය දී කෙසේවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බව ආණ්ඩු පක්ෂ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව සඳහන්.

පොලිස්පති ධුරය සදහා නිර්දේශ වී ඇති දේශබන්දු තෙන්න්කෝන් ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට ගොස් නිසා බවත් මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇති බවයි වාර්තා වුණේ.

තවද ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ගිය දේශබන්ධු තෙන්නකෝන් හට පොලිස්පතිධුරය නොදුනහොත් කිසිඳු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බවත්, ඒ ආණ්ඩුව රැක ගන්නා රාජ්‍ය සේවකයින්ව ආණ්ඩුව බලානොගන්නා බවට වැරදි මතයක් ඔවුන් අතරට යා හැකි බවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ ,චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට මෙලෙස විරෝධතාව එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

  1. MEYA UNGE KUNU REHDHI APILLUWE NATHI NISA. MEYA UNWA PADEKATA GANAN GATHTHE NAHE. MUNTA ONA UNGE HORI KHANA, PUKA KASANA, DEKATA NAMENA, YES SIR KIYAGENA INNA, UNGE GEWAL WALATA SELLAM KORANNA POLICE KANTHAWO YAWANA UNGE HORA BUSINESS NOALLANA MEYAWA PANNALA OKATA ENNA DATHA MEDHAGENA BALAGENA INNA EKAWA GENNA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40