spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිගේ ධුර කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට මාස 03ක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාදායක සභාවට කර තිබූ යෝජනාවකට අනුවයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව කථානායක නිල නිවසේදී ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියට එළඹ තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කෙරනු ඇති.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නිල කාලය මාර්තු මස 25 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ මෙම සාකච්ඡාවේදී සීමා නිර්ණය කොමිෂන් සභාව ඇතුලු කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ද සාකචඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?