‘පොඩි ලැසී’ට ඇප

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ට අධිචෝදනා භාර දී තිබෙනවා.

ඒ, බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

සැකකරු අද (17) ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදීයි මෙම අධිචෝදනා භාරදීම සිදු කළේ.

එහිදී අධිචෝදනා ගොනුකිරීමෙන් පසු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට ඇප නියම කළා.

ඒ, අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් අධිකරණය විසින් නියම කරනු ලැබූ අතර නඩුව යළි ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කරනු ලැබුවේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී පසුගිය 2020 වසරේ ජුනි 26 වනදා පොඩි ලැසී විසින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04