‘පොඩි ලැසී’ට ඇප

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ට අධිචෝදනා භාර දී තිබෙනවා.

ඒ, බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

සැකකරු අද (17) ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදීයි මෙම අධිචෝදනා භාරදීම සිදු කළේ.

එහිදී අධිචෝදනා ගොනුකිරීමෙන් පසු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට ඇප නියම කළා.

ඒ, අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප හතරක් අධිකරණය විසින් නියම කරනු ලැබූ අතර නඩුව යළි ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කරනු ලැබුවේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී පසුගිය 2020 වසරේ ජුනි 26 වනදා පොඩි ලැසී විසින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42