පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් (ඡායාරූප)

කුරුණෑගල, තෝරයාය, අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න සඳහන් කළා.

නිවුන් දරුවන් බිහිකළ මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙක් බවයි වාර්තා වුණේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥාණරත්න මෙම සිව්නිවුන් දරු උපත පිළිබඳව දැක්වුයේ මෙවැනි අදහසක්,

“විනාඩි 10ක පමණ කාල පරතරයක් ඇතිව දරුවන් සිව්දෙනා පිටතට ගන්න අපිට පුළුවන් වුණා. කුසට මාස 08ක් සම්පූර්ණ වෙද්දී තවත් කල් නොයවා සිසේරියන් සැත්කම සිදුකිරීමට අපි තීරණය කළේ මව විවිධ සංකූලතාවලට ලක්වීමේ අවධානම නැති කරන්නයි. නොමේරූ දරුවන් හතරදෙනෙකු නඩත්තු කිරීමට මේ දෙමව්පියන්ට අපහසු බව පෙනෙන නිසා ඒ අයට පරිත්‍යාගශීලීන් උදවු කළොත් හොඳයි කියලා මම හිතනවා.”

  1. AMMITA EKA WARA EGG 4 AWADHA, NATHINAM EGG DEKAK PAMANAK AWITH DANGAYO 4 DENEK EYI DEKA HATHRATA KADAGENA SET UNADHA KIYALA DEYYO THAMAYI DANNE. AMMI TEACHER NAM HATHARA DENA ANDAWAGENA ISSARAKARAGENA ISKOLETA YANA HATI MAWILA PENAWA.