spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පේදුරුතුඩුවේ ධීවරයින්ගේ දැල් ඉන්දීය දීවරයින් විනාශ කරයි

ඉන්දීය ධීවරයින් විසින් අනවසරයෙන් පේදුරතුඩුව මුහුදු තීරයට ඇතුලු වී එහි මුහුදු යන ධීවරයින්ගේ වටිනා දැල් ආම්පන් විනාශ කොට පලා ගිය බවට පේදුරුතුඩුව ධීවරයින් පවසා සිටිති.

ඊයේ රාත්‍රියේ පේදුරුතුඩව මුහුදු සීමාවට ඉන්ධීය ට්‍රෝලර් යාත්‍රා 50 කට ආසන්න ප්‍රමාණයක් ඇතුලු වී පෙදුරුතුඩුව ධීවරයින්ගේ දැල් විනාශ කොට පලා ගිය බවට එහි ධීවරයින් පෙන්වා දෙති.

මේ අතර ඉන්ධීය ධීවර යාත්‍රාව පේදුරුතුඩුව ධීවර බොට්ටුවක් ගැටී එහි ගමන්ගත් ධීවරයා බොට්ටුවෙන් මුහුදට වැටී ධීවර බොට්ටුවටද හානි සිදුව ඇති අතරම මුහුදට වැටුනු ධීවරයා පිහිනීමට දක්ෂ අයෙකු වීම හේතුවෙන් ඉන් බේරි ගොඩබිමට පැමිණ ඇත.

කෙසේ වෙතත් ඉන්දියානු ධීවරයින්ගේ යාත්‍රා විශාල ට්‍රෝලර් යාත්‍රා වන බැවින් පේදුරුතුඩුව ධීවරයින්ගේ කුඩා බොට්ටු වන බැවින් කාලයක සිටම ඉන්දියානු ධීවරයින් උතුරේ ධීවර බොට්ටුවලට සහ ධීවරයින්ට විවිධ වූ බාධාවන් සිදුකරන බවටද පේදුරුතුඩුව ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දීය ධීවරයින් විසිනා විනාශ කරන ලද ධීවර දැල් ආම්පන්න වෙනුවෙන් කිසියම් වන්දියක් ලබාදෙන ලෙසටත වහාම ධීවර අමාත්‍ය වරයා මෙම ගැටලුව විසඳීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කල යුතු බවටද පේදුරුතුඩුව ධීවර සංගම් විසින් වැඩිදුරටත් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?