පෙම් යුවළ ගිය යතුරුපැදිය ලිස්සා ගිහින් බසයක ගැටිලා – පෙම්වතිය ජීවිතක්ෂයට

පින්නවල පොලිස් වසමේ හැටන් – බලංගොඩ මාර්ගයේ 08 කණුව අසල දී ඊයේ (04) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලංගොඩ දෙස සිට පින්නවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ඔහුගේ පෙම්වතිය බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, පෙම්වතිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක්.

අනතුරින් පසු බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (05) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
13
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?