පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ අදියරේ ක්‍රොඒෂියාව පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට පැමිණිමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාල කණ්ඩායමට අද හැකියාව ලැබුණා.
කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ගෝල දෙකට එකක් ලෙස පෘතුගාල කණ්ඩායම ජය වාර්තා කළා.
මෙම තරගයේ පළමු අර්ධයේ දී ගෝල රැස් කිරීමට දෙපිළට අවස්ථාව හිමි නොවූ අතර, දෙවන අදියරේ දී ක්‍රියාත්මක වූ
ක්‍රොඒෂියාවේ ඉවාන් පෙරිසික් පළමු ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙනඒමට සමත් වුණා.
කෙසේ නමුත් තරගය ඇත නොහැරී පෘතුගාල ආක්‍රමණශී තරග රටාවක් දියත් කළ අතර එහිදී තරගයේ 68 වන විනාඩියේ දී
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා.
පිළිමළුන් පිටුදැකීමේ අදියරේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය පළමු ගෝලය වාර්තා කිරීමෙන් පසු තරගයේ 94 වන මිනිත්තුවේ දී ගොන්කාලෝ රාමෝස් ජයග්‍රාහී දෙවන ගෝලය රැස්කරමින් පෘතුගාලයට ජය ගෙන ආවා.
ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට ක්‍රොඒෂියාවට සිදු වූ අතර, ඒ සමඟම ක්‍රොඒෂියානු සුපිරි ක්‍රීඩක ලූකා මොඩ්රික්ගේ පාපන්දු ලෝක කුසලාන ගමන ද අවසන් වුණා.
ක්‍රොඒෂියාවට නායකත්වය ලබාදෙන ලූකා මොඩ්රික් මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවනවා.
මේ අතර අවසන් 16 දෙනාගේ වටයේදී පෘතුගාලය, වත්මන් යුරෝපීය ශූරයින් වන ස්පාඤ්ඤය සමග ජූලි 06 වනදා ටෙක්සාස්හි ඩලස් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.













