පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට පෙර පැවති පුහුණු තරඟයකදී නෙදර්ලන්තය කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

බුලවායෝ හි දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3යි. මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුණා.

ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 1ක් තුළදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 67යි. දිමුත් කරුණාරත්න ලකුණු 47ක් සහ චරිත් අසලංක ලකුණු 29ක් ලබා ගත්තා.

සුදුසුකම් ලැබීමේ තරඟ ආරම්භයට පෙර ශ්‍රී ලංකාව හෙට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටන ලබන සඳුදා ආරම්භ කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34