පුවත්පත්වල පළවන බොරු ටී.වි එකේ කියෙව්වොත් වැඩ වරදින අලුත් නීතියක්

පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නියෝගයක් ලබාදුන් අවස්ථාවක, එම නියෝගය ඒ ආකාරයෙන්ම, අදාළ පුවත විකාශය කළ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලට ද බලපැවැත්වෙන ආකාරයට 1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

“පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මඟින් ප්‍රකාශයට පත්කරනවා. ඒ, අනුව පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබාදුන්ණොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි කියන කාරණය වෙනුවෙන් තමයි මේ පනත් කෙටුම්පත් සංශෝධනය වෙන්නේ.”

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
5
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?