පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක නාම පුවරු ගලවා දමා රැගෙන යාම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසි වෙත පැමිණිලි කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඊට අමතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව නිසි විමර්ශනයක් කරමින් මීට වගකිය යුත්තන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු කරන බවයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

පුරාවිද්‍යා ස්ථාන දැකගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන නාම පුවරු සටහන් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබනවා.

එලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සවිකර තිබූ එම පුවරු කිහිපයක් වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත්කර රැගෙන යාමට පසුගිය දා කටයුතු කර තීබුණා.

එම ප්‍රාදේශීය සභාවේ පාලකයින් සඳහන් කළේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව එම පුවරු සවිකිරීමට කටයුතු කර තිබීම හේතුවෙන් මෙලෙස ඒවා ගලවා දැමූ බවයි.

අදාළ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි සඳහන් කළේ මෙම සිදුවීම පිටුපස යම් දේශපාලන උවමනාවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?