පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක නාම පුවරු ගලවා දමා රැගෙන යාම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසි වෙත පැමිණිලි කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඊට අමතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව නිසි විමර්ශනයක් කරමින් මීට වගකිය යුත්තන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු කරන බවයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

පුරාවිද්‍යා ස්ථාන දැකගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන නාම පුවරු සටහන් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබනවා.

එලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සවිකර තිබූ එම පුවරු කිහිපයක් වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත්කර රැගෙන යාමට පසුගිය දා කටයුතු කර තීබුණා.

එම ප්‍රාදේශීය සභාවේ පාලකයින් සඳහන් කළේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව එම පුවරු සවිකිරීමට කටයුතු කර තිබීම හේතුවෙන් මෙලෙස ඒවා ගලවා දැමූ බවයි.

අදාළ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි සඳහන් කළේ මෙම සිදුවීම පිටුපස යම් දේශපාලන උවමනාවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09