පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

ආරක්ෂක හමුදා භාවිත කරන ජීව අත් බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ අලි හකු දෙකක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න පොලිසිය විසින්.

අප ප්‍රාදේශීය වාර්තාකරු සම්පත් කුලරත්න සඳහන් කළේ සැකකාර තැනැත්තා එම ප්‍රදේශයේ ම ගොඩකළුපහන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකාර පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, පිස්තෝල පතොරම් 19ක් සහ නොම්බර 12 වර්ගයේ පතොරම් 09ක් ද සොයා ගැනුණා.

මීට අමතර ව වෙඩි බෙහෙත් යොදා සකස් කළ උණ්ඩ 153ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු කිසියම් අපරාධයක් හෝ සතුන් දඩයම් කිරීම සඳහා මෙම ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මක අතර, නීතිමය ක්‍රියාමාර්ග සඳහා මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38