spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

ආරක්ෂක හමුදා භාවිත කරන ජීව අත් බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ අලි හකු දෙකක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න පොලිසිය විසින්.

අප ප්‍රාදේශීය වාර්තාකරු සම්පත් කුලරත්න සඳහන් කළේ සැකකාර තැනැත්තා එම ප්‍රදේශයේ ම ගොඩකළුපහන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකාර පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, පිස්තෝල පතොරම් 19ක් සහ නොම්බර 12 වර්ගයේ පතොරම් 09ක් ද සොයා ගැනුණා.

මීට අමතර ව වෙඩි බෙහෙත් යොදා සකස් කළ උණ්ඩ 153ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු කිසියම් අපරාධයක් හෝ සතුන් දඩයම් කිරීම සඳහා මෙම ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මක අතර, නීතිමය ක්‍රියාමාර්ග සඳහා මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?