AFC Banner
AFC Banner
Empty Ad

පුද්ගලික බස් ධාවනයත් සාමාන්‍ය අතට – ගැමුණු විජේරත්න

පාසල් සහ රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීමත් සමඟ බස් රථ ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහේම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි මාස තුන තුළ විෂය ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු අතර විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් දිනවල උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?