පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සාමාන්‍ය පරිදි

පද්ධතියේ සිදුව තිබූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් මව් වනවිට යළි ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (23) දිනයේ දී පද්ධතියේ සිදුවූ බිඳවැටීම හේතුවෙන් අද (24) දිනයේ මහජන සේවාවන් ලබාගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !