පුතාව පෙම්වතියගෙන් බේරාගන්න ඕ.අයි.සීට අල්ලස් දීලා

ගලේවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඊයේ (22) වාර්තා වුණා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි මොහිදීන් මොහොමඩ් නැමැති 64 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ පොලිසියට පැමිණ පවසා ඇත්තේ තම පුත්‍රයෙකු ගලේවෙල ප්‍රදේශයේ පිහිටි පෙම්වතියගේ නිවසට පැමිණ සිටින බවයි.

එහි රැඳී සිටින පුත්‍රයා එම නිවසින් ගෙනවිත් අවවාදකර තමන් වෙත භාරදෙන ලෙසයි පවසා ඇත්තේ.

එම අවස්ථාවේ ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා එම පැමිණිල්ල සටහන් කොට විමර්ශනයක් සිදුකරන ලෙස දන්වා තිබෙනවා.

පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා සිටි ස්ථානය පැමිණ ඇති සැකකාර පුද්ගලයා එම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා කියවමින් සිටි පොතක් තුළට ලියුම් කවරයක් වැනි දෙයක් දමා පිටව යාමට උත්සාහ කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයා එය විවෘත කර බලා ඇති අතර, ඒ තුළ රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබෙන අයුරු දැක තිබෙනවා.

මෙම මුදල කුමකටදැයි මෙම පුද්ගලයාගෙන් ස්ථානාධිපතිවරයා විමසා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් ලබාදුන් සන්තෝෂම් මුදලක් ලෙසයි.

මෙහිදී ස්ථානාධිපතිවරයා විසින් සැකකරුව රාජකාරියට බාධා කිරීම සහ අල්ලස් ලබාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (23) දිනයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
13
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37