පුතාගේ උඟුලේ පැටලී මව අවසන් ගමනේ

හතරලියද්ද, රංගමුව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් ඊයේ (24) රාත්‍රියේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක කාන්තාවක්.

මෙම කාන්තාවගේ පුතා විසින් සතුන් දඩයම් කිරීම සඳහා ලඳු කැලෑවකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්