පුත්‍රයා විසින් මහමග දමා ගිය යුවළට, IDH රෝහලෙන් ලැබුණු සෙනෙහස – මියෙන්නට ගිය මව්පියන්ගේ දැන් තත්ත්වය මෙන්න

කොවිඩ් 19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි ඩී එච් රෝහලේ වාර්තා වනවා.මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා.

ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු යුවල මඟ දමා ගිය බවයි.

ඇවිද ගැනීමට පවා නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම යුවළට ඒ අසල සිටි පිරිස් වරින් වර උදවු උපකාර කර තිබෙනවා.

නමුත් දිනෙන් දින ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වුයේ මෙම වයසට ලැබියම යුතු නිසි සැලකිල්ල සහ අවධානය නොමැති කමින්.

කෙසේ වෙතත් මේ යුවලට කොරෝනා ආසාදිත වී ඇති බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුව හඳුනා ගැනෙනවා.

ඒ අනුවයි ඔවුන් මැදිහත්ව මහමග වැටී සිටි මෙම යුවළ අයි ඩී එච් රෝහල වෙත භාර දීමට කටයුතු කරන්නේ.

අයි. ඩී. එච්. රෝහලේ දී ලැබෙන ප්‍රතිකාර සහ කරුණාව හමුවේ ඔවුන් දෙදෙනා පූර්ණ සුවය ලබනවා.

කෙසේ වෙතත් සුවය ලැබූ ඔවුන් දෙදෙනා බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් වී නැහැ.

මේ හේතුවෙන් ඒම මහලු කාන්තාව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරි හරහා කළුතර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට භාර දීමට කටයුතු කළා.

සුවය ලැබූ වයසක පියාට යම් මානසික ආබාධයක් ඇති බව හෙළිවීම නිසා ඔහු අංගොඩ රෝහල වෙත භාරදී තිබෙනවා.ඔහුගේ මානසික ආබාධය සුව වීමෙන් අනතුරුව එම මහලු පියාත් කලුතර වැඩිහිටි නිවාසයටම භාර දීමටයි සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15