spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දය ඉල්ලා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක (ඡායාරූප)

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (05) උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නුවර දී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජාතික ජන බලවේගයේ නවසීලන්ත ශාඛාව විසින්.

එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා නොගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.

රටේ ජනතාවගේ ඡන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තරුණ පරපුරකට භාරදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට රටේ පාලකයින් පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

4 7
3 7
5 5
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?