පීඩාවට පත් ජනතාවට සහාය වීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක්

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසුවේ.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් දැනටමත් අරමුදල් වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන හරහා ආධාර ලබා ගැනීමට ද කටයුතු කරමින් පවතිනවා.

මේ අතර, ආපදාවෙන් පීඩාවට පත් වූ ආබාධිත පුද්ගලයින් පිළිබඳ අමාත්‍යාංශය විසින් තොරතුරු සම්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් තවමත් තම තොරතුරු ලබා දී නොමැති නම් පහත සඳහන් අංකයන්ගෙන් WhatsApp හරහා සිදුකළ හැකියි.

070 6116000 හෝ 070 7898889

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?