පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න අයිතියක් නැහැ

රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

තිරුක්කෝවිල් පොලිසියේ දී පොලිස් සැරයන්වරයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

සැකකාර පොලිස් සැරයන් නිවාඩු ඉල්ලූ බවට එය නොදුන් නිසා දැඩි පීඩනය මැද මෙම මෙවැනි තත්ත්වයක් සිදුව ඇති බවට ඔහුගේ මව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැරයන්වරයා එවන් නිවාඩුවක් ඉල්ලා නොමැති බවට අනාවරණය වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රැකියාවේ මොනතරම් පීඩන ආවද ඔහු මනාප කිසිවකුටත් මිනීමරණ අයිතියක් නොමැති බවත් මෙම සිද්ධියෙන් වටිනා ජීවිත හතරක් පොලිසියට අහිමි වී ඇති බවද බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ස්ථානාධිපතිවරයා ද මෙම සිද්ධියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවත් ඔහු සුව වී පැමිණි පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැකි බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26