පිළිස්සී වැටී තිබූ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනේ

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (17) මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසියක දී බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව – මැදවැව ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 වැනි වියෙහි පසු වූ විවාහක තිදරු මවක්.

මියගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක වන බවට ද අනාවරණය වී තිබෙනවා.

කාන්තාව පදිංචිව සිටි නිවසට මීටර් 20ක් පමණ දුරින් එම ගෙවත්තේ වැටී තිබිය දී ඇයගේ පිළිස්සුණු මළසිරුර පොලිසියට හමු වූ බවයි වාර්තාවන්නේ.

මෙතෙක් සිදුකළ විමර්ශනයන්ට අනුව ඊයේ (17) උදෑසන මෙම කාන්තාවට ගිනි ඇවිළී ඇති බවත් අදාළ මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි බවටත් පොලිසිය සැක පළ කරනවා.

මළසිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39