Fly high Get bonus Aviator Phone

පිළිස්සී වැටී තිබූ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනේ

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (17) මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසියක දී බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව – මැදවැව ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 වැනි වියෙහි පසු වූ විවාහක තිදරු මවක්.

මියගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක වන බවට ද අනාවරණය වී තිබෙනවා.

කාන්තාව පදිංචිව සිටි නිවසට මීටර් 20ක් පමණ දුරින් එම ගෙවත්තේ වැටී තිබිය දී ඇයගේ පිළිස්සුණු මළසිරුර පොලිසියට හමු වූ බවයි වාර්තාවන්නේ.

මෙතෙක් සිදුකළ විමර්ශනයන්ට අනුව ඊයේ (17) උදෑසන මෙම කාන්තාවට ගිනි ඇවිළී ඇති බවත් අදාළ මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි බවටත් පොලිසිය සැක පළ කරනවා.

මළසිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?