spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිළිකා යන්ත්‍රයක් ගැනීමට ලක්ෂ 80 ක් පරිත්‍යාග කළ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල්

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලාංකික රසික හදවත් තමන්ගේ දක්ෂතාවයෙන් දිනාගත් නිහතමානී කළාකරුවෙක් තමයි කීර්ති පැස්කුවෙල් කියන්නෙ. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන තරග විනිශ්චයවරයෙකු ලෙසද එතුමාව දැකගන්නට පුළුවන්. ඉතිං නිහතමානී කළාකරුවෙක් වගේම සමාජ සේවකයෙක් වෙන එතුමා සිදු කරන සමාජ සත්කාර සේවා ප්‍රසිද්ධ කරන්නේ නැති තරම්. එතුමාගේ පෞද්ගලික ධනයෙන් සහ ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය හරහා ද විවිධ කටයුතු සිද්ධ කරන එතුමා පසුගිය දිනෙක උදරය ආශ්‍රිත පිළිකා සදහා ප්‍රතිකාරවලට අවශ්‍යය වන “හයිපෙක් කීමෝතෙරපි” යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ 80 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා. ඉතිං එතුමා එම සත්කාරය සිදුකිරීම ගැන අපගේ බලවත් ප්‍රණාමය වගේම එතුමාට මේයාකාර සමාජ සත්කාරමය සේවාවන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප වගේම එතුමාගේ ඡායාරූප කිහිපයක් එකතු කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
81
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?