පිළිකා යන්ත්‍රයක් ගැනීමට ලක්ෂ 80 ක් පරිත්‍යාග කළ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල්

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලාංකික රසික හදවත් තමන්ගේ දක්ෂතාවයෙන් දිනාගත් නිහතමානී කළාකරුවෙක් තමයි කීර්ති පැස්කුවෙල් කියන්නෙ. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන තරග විනිශ්චයවරයෙකු ලෙසද එතුමාව දැකගන්නට පුළුවන්. ඉතිං නිහතමානී කළාකරුවෙක් වගේම සමාජ සේවකයෙක් වෙන එතුමා සිදු කරන සමාජ සත්කාර සේවා ප්‍රසිද්ධ කරන්නේ නැති තරම්. එතුමාගේ පෞද්ගලික ධනයෙන් සහ ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය හරහා ද විවිධ කටයුතු සිද්ධ කරන එතුමා පසුගිය දිනෙක උදරය ආශ්‍රිත පිළිකා සදහා ප්‍රතිකාරවලට අවශ්‍යය වන “හයිපෙක් කීමෝතෙරපි” යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ 80 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා. ඉතිං එතුමා එම සත්කාරය සිදුකිරීම ගැන අපගේ බලවත් ප්‍රණාමය වගේම එතුමාට මේයාකාර සමාජ සත්කාරමය සේවාවන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප වගේම එතුමාගේ ඡායාරූප කිහිපයක් එකතු කරගත්තා.

  1. කීර්ති පැස්කුවෙල් ජනහද දීනාගත් විශාල රසික පිරිසක් ඇළුම් කරන මිහිරි ගීත රාශියක් ගායනා කරමින් රසිකපහදවත් සනසාලන වැදගත් චරිතවත් ගායකයෙකි. එතුමාගේ මෙම සද්ක්‍රියාවලියන් අගේ කලයුතුමය. වර්තමානයේ යහමින් මුදල් තමා සන්තකයේ තිබුනත් මෙවැනි සමාජ පිහිට වෙනුවෙන් පරිත්‍යාගශීලීව කටයුතු කරනුලබන්නේ්අත ලොස්සකි. විශේෂයෙන්ම මෙය අගය කලයුතුවන්නේ තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙතුමන් විසින් සිදුකිරීමයි. සමාජ⁣ සේවයටයයි කියාගනිමින් නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් මහජන මුදලින්ම දිවි ගෙවමින් රටේ සම්පත් විකුණා කමින් කොමිස් මුදල් මතම යැපෙමින් සිටින්නවුන් මෙවැන්නක් කලායැයි ඔබ අසා තිබේද?
    කීර්ති පැස්කුවෙල් මැතිඳුනි ඔබට ආයු බල සැප ප්‍රඥා සම්පත මෙන්ම නිදුක් නීරෝගි සුවසම්පත චිරජීවනය අත්වේවා.