පියුමි හංසමාලි නිරෝධායනය වෙත රැගෙන ගිය බස් රථය ආපසු හරවන ලෙසට නියෝග ලබා දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් පවසනවා.
පියුමි හංසමාලිගේ පහස ලද රාජ්‍ය අමාත්‍යවරුන් පවා සිටින බවත් ළඟදීම නම හෙළි කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (05) දින පොලිස් මූලස්ථානය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.
තමන් අහිංසක බවට පියුමි හංසමාලි ප්‍රකාශ කළද පියුමි හට කුඩු ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා හෙළි කිරීමට තමන් සූදානම් බවද ඔහු පවසන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයකටද ඔහු පියුමි හට ආරාධනා කර සිටිනවා.
බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විසින් කුරුණෑගල ඇතුගල වෙහෙර විනාශ කළද නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බවත් නීතිය සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධව ගැටළුවක් ඇති බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
එම වීඩියෝව පහළින්..














මූත් පියුමි එක්ක නිදා ගත් එකෙක් වාගෙ. මුන් යැපෙන්නෙ හිරු නාලිකාවෙන් ; උන් දෙන මුදලෙ සෙටියට මුන් කතා හදන්නෙ මවන්නෙ , මුන් රජය එක්ක තරහයි රජය බලයට ආවිල්ලත් දුමින්ද සිල්වා නිදහස් නොකර නිසා, එනිසා මුන් ඔනෙම බොරුවක් කියල රජය අපහසු කරන්න ලේස්තියි , මුන් හිරු කාරයගෙ සල්ලි වලට අධෝ මාරගය උනත් උන් , ජාතිවාදයත් , බොරුවත් මුන් ලබා ගත් එවා