spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියුමිගේ පහස ලද රාජ්‍ය ඇමතිගේ නම ඉදිරියේදී හෙළි කරනවා – ඩෑන් ප්‍රියසාද්

පියුමි හංසමාලි නිරෝධායනය වෙත රැගෙන ගිය බස් රථය ආපසු හරවන ලෙසට නියෝග ලබා දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් පවසනවා.

පියුමි හංසමාලිගේ පහස ලද රාජ්‍ය අමාත්‍යවරුන් පවා සිටින බවත් ළඟදීම නම හෙළි කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (05) දින පොලිස් මූලස්ථානය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

තමන් අහිංසක බවට පියුමි හංසමාලි ප්‍රකාශ කළද පියුමි හට කුඩු ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා හෙළි කිරීමට තමන් සූදානම් බවද ඔහු පවසන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයකටද ඔහු පියුමි හට ආරාධනා කර සිටිනවා.

බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විසින් කුරුණෑගල ඇතුගල වෙහෙර විනාශ කළද නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බවත් නීතිය සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධව ගැටළුවක් ඇති බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එම වීඩියෝව පහළින්..

https://www.youtube.com/watch?v=V0O-ZxieByo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?