පියා සහ පුතුන් දෙදෙනා අවුරුදු 12ක දැරිය සමූහ දූෂණය කරලා

කුඩා දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් එම දැරියගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

වැලිගම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 12ක දැරියක් මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසර දෙකකට පෙර දැරියගේ පියා විසින් ඇයව දූෂණය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර,පසුව ඇයගේ සහෝදරයන් දෙදෙනා විසින් ද දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවන්වල දී දැරියව දූෂණයට ලකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පියා සහ සහෝදරයින් දෙදෙනා විසින් දැරියව දූෂණය කිරීමෙන් පසු දැරියට සිදුකළ තර්ජන හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මවට හෝ වෙනත් අයෙකුට පවසා නොමැති බවයි වාර්තා වුණේ.

මෙම දැරියගේ ලොකු තාත්තා දැරියගේ නිවසට පැමිණ ඇයට ලිංගික අතවරයට ලක්කර ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් දැරිය මවට පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් දැරියගේ වැඩිමහල් සහෝදරයෙකුට රැකියාවක් සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පසුගිය දා නිවසට පැමිණ තොරතුරු පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම දැරිය තමාට සිදුවූ කරදර හිරිහැර සම්බන්ධයෙන් එම නිලධාරියා දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම නිලධාරියා වැලිගම පොලිසිය වෙත පවසා ඇති බව සඳහන්.

එම තොරතුර මත සැකකාර 47 හැවිරිදි පියා අවුරුදු 18,15 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනා මෙලෙස ඊයේ (13) දින අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ මෙහෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
4
+1
26
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06