පියා පැදවූ මෝටර් රථය ඇළකට පෙරලී අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

රාජාංගනය ප්‍රදේශයේදී මෝටර් රථයක් ඇළකට පෙරලීමෙන් අද (30) අලුයම සිදුවූ අනතුරකින් අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ එහි පස්දෙනෙකු සිට ඇති බවයි රාජාංගනය පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ බාල දියණියයි.

එම පවුලේ  මව, පියා සහ දියණියන් තිදෙනා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි හිතවතෙකුගේ නිවසකට ගොස් නැවත රාජාංගනය, අඩම්පනේ පිහිටි සිය නිවස කරා පැමිණෙමින් සිටින අවස්ථවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වර්තා වන්නේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?