spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියා නැසූ පුතා පළා යද්දී අල්ලයි

වැලිපැන්න, නවුත්තුඩුව, ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පුතා විසින් වයෝවෘද්ධ පියාව ඝාතනය කර තිබෙනවා.

අලුත්ගම අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයා පළා යන විට පොලිසිය විසින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 73 වන වියේ පසුවූ අයෙක් වන අතර, දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා 32 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු සහ පියා කුලී රැකියාකර ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ ඊයේ (19) දහවල් නිවසට පැමිණි අවස්ථාවේ තම සැමියා මියගොස් ඇති බවට දැනගන්නට ලැබී ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයන් පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණෙන විට සැකකරු පළාගොස් ඇති අතර, එලෙස පළාගිය සැකකරු පසුව වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මතුගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මරණ පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය කළුතර නාගොඩ රෝහල වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
9
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?