පියා නැසූ පුතා පළා යද්දී අල්ලයි

වැලිපැන්න, නවුත්තුඩුව, ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පුතා විසින් වයෝවෘද්ධ පියාව ඝාතනය කර තිබෙනවා.

අලුත්ගම අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයා පළා යන විට පොලිසිය විසින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 73 වන වියේ පසුවූ අයෙක් වන අතර, දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා 32 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු සහ පියා කුලී රැකියාකර ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ ඊයේ (19) දහවල් නිවසට පැමිණි අවස්ථාවේ තම සැමියා මියගොස් ඇති බවට දැනගන්නට ලැබී ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයන් පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණෙන විට සැකකරු පළාගොස් ඇති අතර, එලෙස පළාගිය සැකකරු පසුව වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මතුගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මරණ පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය කළුතර නාගොඩ රෝහල වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42