spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියා නැසූ අජාසත් පුතා පොලිස් දැලේ

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතා විසින් පිහියකින් ඇණ පියාව ඝාතනය කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

ඊයේ (21) සවස මෙම ඝාතනය සිදුකව ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුත්‍රයා විසින් පිහියෙන් ඇනීමෙන් පසු බරපතල තත්ත්වයේ පසුවූ පියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු ගම්පහ මූලික රෝහලට යවා ඇති බවත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 83 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?