පියාගේ කළු සල්ලිවලින් සැප වාහන පැද්ද පුතා පොලිස් අත්අඩංගුවට

අයථා ලෙස උපයා ගත් මුදල් යොදවා රුපියල් ලක්ෂ 65ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 250 වටිනා ජීප් රථයක් මිලදී ගැනීමක් සම්බන්ධව සැකකරුවෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මඟින් ඊයේ (10) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගේ පියා විසින් නීති විරෝධී අයුරින් ඉපැයූ මුදල් යොදවා මෙම රථවාහන මිල දී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.