පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු 29 දෙනෙකු නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතු වලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් මැයි මස 07 වනදා ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති අතර, මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිත කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

එම නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛකයට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16