පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු 29 දෙනෙකු නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතු වලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් මැයි මස 07 වනදා ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති අතර, මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිත කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

එම නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛකයට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39