බලුච් විමුක්තිකාමී සන්නද්ධ කැරලිකරුවන් විසින් පෙරේදා (11) දහවල් කාලයේ බලුකිස්තාන් පළාතේ දූරස්ථ මායිම් දිස්ත්‍රික්කයක දී මගීන් 450කට අධික සංඛ්‍යාවක් සමග පැහැර ගත් දුම් රියෙහි සිර වී සිටි ප්‍රාණ ඇපකරුවන් සියල්ල ම මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.
NDTV මාධ්‍ය පැවසුවේ මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ දී මෙහෙයුම අතරතුර පාකිස්තාන ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර දරුණු ගණයේ වෙඩි හුවමාරු වීම් සිදු කෙරුණු බවයි.
එහිදී සොල්දාදුවන් 27 දෙනෙකුට දිවි අහිමි වුණා.
කැරලිකරුවන් ග්‍රහණයේ සිටි මගීන් 340කට වැඩි පිරිසක් පැය 30කට අධික මෙහෙයුමකින් අනතුරුව ඊයේ නිදහස් කරගත්තා.
බෙදුම්වාදී කණ්ඩායමක් කඳුකර නිරිතදිග බලුකිස්තානයේ දුම්රිය මාර්ගයකට බෝම්බ හෙලා මගීන් රැගත් පාකිස්තාන දුම්රියක් අල්ලාගත්තා.
“මෙහෙයුම අතරතුර ප්‍රාණ ඇපකරුවන් 346 දෙනෙකු නිදහස් කරන ලද අතර ත්‍රස්තවාදීන් 30කට වැඩි පිරිසක් මිය ගියහ..” යනුවෙන් පාකිස්තාන ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.