පැරා ඔලිම්පික් ශූර දිනේෂ් ප්‍රියන්තගේ මලල ක්‍රීඩා ගමන නවතී

ලෝක පැරා මලල ක්‍රීඩා වර්ගීකරණ කමිටුව විසින් පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් තව දුරටත් F46 කාණ්ඩය යටතේ තරඟ කිරීමට නුසුදුසු බව නිගමනය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා ජපානයේ කෝබේ හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වෙන් ඔහු දිනූ රිදී පදක්කම ද ඔහුට අහිමිව ගොස් තිබෙනවා.

මෙම තීරණයත් සමඟ ඔහුට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ දී තෙවැනි වරටත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව යන බවයි වාර්තා වන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටු සභාපති කර්නල් දීපාල් හේරත් කියා සිටියේ, මෙම පැමිණිල්ල තරගාවලියට බොහෝ කලකට පෙර ඉදිරිපත් කර තිබූ එකක් බවයි.

වර්ගීකරණ කණ්ඩායම හැකි සෑම කෝණයකින්ම දිනේෂ්ගේ චලනයන් වීඩියෝ කර ඇති බවත් එම දර්ශන උපයෝගී කරගෙන අදාළ නිගමනයට එළඹී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ලෝක පැරා මළල ක්‍රීඩාවේදී F46 වර්ගීකරණය අයත් වන්නේ සිටගෙන සිටින ඉරියව්වෙන් තරග කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරඟ කරන අතේ ඌනතාවයක්, දුර්වල මාංශ පේශි බලයක් හෝ අක්‍රීය චලනයන් සහිත ක්‍රීඩකයින් සඳහායි.

ඉන්දීය පැරා මළල ක්‍රීඩා කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර තිබෙනවා.

එහි දී විමර්ශන කණ්ඩායම දිනේෂ් ප්‍රියන්තගේ අතේ චලනයන් වැඩි දියුණු වී ඇති බව නිරීක්ෂණය කර ඇති අතර, ඔහු තවදුරටත් F46 කාණ්ඩය යටතේ තරඟ කිරීමට සුදුසුකම් නොලබන බවට තීරණය කළා.

මේ සමග දිනේෂ් ප්‍රියන්ත හට තවදුරටත් F46 කාණ්ඩයේ පිටියේ තරග සඳහා එක්වීමට නොහැකි වන අතර, විමර්ශන කණ්ඩායම් ඔහුට උපදෙස් දී ඇත්තේ පැරා දුණුවායෙකු ලෙස සිය ක්‍රීඩා දිවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඇති අවස්ථාවන් සොයා බලන ලෙසයි.

දිනේෂ් ප්‍රියන්ත 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් ද 2016 රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් ද, 2016 වසරේ ජකර්තා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ද, ඇතුළුව ලෝක මට්ටමේ රන් රිදී හා ලෝකඩ පදක්කම් දෙක බැගින් ජයග්‍රහණය කර ඇති ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී ඔහුගේ වම් අතට වෙඩි වැදීමෙන් ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසුව දිනේෂ් ප්‍රියන්ත හේරත් 2011 වසරේ සිට F46 කාණ්ඩය යටතේ තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
14
+1
2
+1
2
+1
60
+1
7
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05